මේක මම කියවපු ලිපියක්
කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත සමාගම් (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ සමාගම් වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම සමාගම් වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව.
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.
අපි මිලදී ගන්නෙ හැම වෙලේම ද්විතීය වෙළඳපළින්, තැරැව්කරුවන් තමා ප්‍රාථමික වෙලඳපළින් කොටස් මිලට ගන්නෙ.
තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද?
1. CDS ගිණුමක් (Central Depository System Account)
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ?
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්.
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර. ඒ ඒ තැරැව්කාර සමාගම් මොන මොන විදිහෙ online trading පහසුකම්ද දෙන්නෙ කියල මේ ලිපියේ තියෙනව.
CDS account එකේ වැඩේ මොකද්ද?
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන්, බැංකු ගිණුමකට බැර කිරීමකින් හෝ චෙක්පත් ලෙස පමණයි. )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල හිතුනු හිතුනු සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. තව දෙයක්, ඔබ තීරණය කරන්න ඕනෙ, ඔබ ඒ කොටස් ඉක්මනටම විකුණන්න හිතනවද නැත්තම් කාලයක් තියා ඉඳල විකුණනවද කියන එකත්. ඒකත් මතක් කරල ඔයාගෙ උපදේශකට කියන්න. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (100ට අඩු කොටස් ගන්න ඕනෙ odd market එකේදී. ඒව ආපහු විකුණන්න ඕනෙත් එතනම තමා.)
කොටස් ජාති
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ?
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව්කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද?
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබට චෙක්පතක් විදිහට ගෙදරට එවනව. ඒ මුදල් ඔබේ CDS ගිණුමටම එකතු කරන්න ඕනෙ නම් ලිඛිතව ඒක එයාලට දැනුම් දෙන්න ඕනෙ.
එයාල එහෙම නොකර ඉඳීද?
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි. නමුත් එයාල දුන්න උපදෙසක් නිසා (එයාල උපදෙස් දෙන්නෙ එයාල කරන market researches හරහා) අපිට යම් අලාභයක් උනාට ඒකාට එයාල වැරදි නෑ.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ?
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.20% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගාණක් අතට එන්නෙ කොහොමද?
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව.
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් වෙන්න ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය තීරණය කළොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.
උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක්
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )
කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්.
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI)
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ.
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI)
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.
කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ෂික වාර්තාව වෙලාවට නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්න සූදානම්.
තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.
මමත් පටන් ගත්තෙ පොඩි ගාණකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 18ට 220% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ.
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!!
මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 500,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.
තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ.
මෙන්න මේ දවස්වල යන අයිපීඕ එක.
ඒ කියන්නේ කොටස් වෙළද පලට එන්න කලින් සමාගමක් තමන්ගේ කොටස් අඩුවට මහ ජනයාට නිකුත් කිරිම.
සාමාන්‍යයෙන් මේ වගේ එකකදී කොටස් වෙළදපලට එනකොට නිකුත් කලාට වඩා ගනන් වෑඩි වෙනවා.
උදා: රු.10 කොටස 10.50 11.00 වෙන්න පුලුවන්.
ඒ සමාගමට තියන ඉල්ලුම කීර්තිය මත.එක තමාම අධ්‍යයනය කරල තීරනය කරන්න ඕන දෙයක්.මම කියුව පලියට කවදාවත් කරන්න යන්න එපා.තමන්ගේ දුක් මහන්සියෙන් උපයා ගත්ත සල්ලි විනාහ කර ගන්න එපා.

කොටස් වෙළඳපළ තුළ ජීවත් වන සතුන් සිව් දෙනා-
කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් විවිධ සතුන්ගේ හැසිරීම් වලට සමාන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සතුන් සිව් දෙනෙක් සිටිනවා. ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig) තමා මේ සතුන් සිව් දෙනා. ඌරා තමයි කිසිම ආයෝජකයෙක් වෙන්න අකමැති, නොවිය යුතු සත්වයා.
ගවයා (Bull)
කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන් පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්.
බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ.
වලසා (Bear)
වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න.
මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා.
කුකුළා (Chickens)
කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ.
ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා.
ඌරා (Pigs)
ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල.
නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා.
ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක් විය යුතුද?
කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමේදී භාවිතා වන විවිධ ක්රමෝපායන් තිබෙනවා. වලසා හා ගවයා කියන්නෙ එකිනෙකට විරුද්ධ දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම වෙළඳපළ ගැන හොඳ අවදානයෙන් සිට හා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියා කරල හොඳ ආදායමක් උපද්දවනවා. කුකුළාත් යම් ආදායමක් ලබා ගන්නවා, නමුත් ඒක සාපේක්ෂව පහළ අගයක්.
ආයෝජනයකදී අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් තමයි, පවතින තොරතුරු වලින් සමීක්ෂණ කරල තමුන්ගෙ ආයෝජන වලට ඉදිරියේදී කුමක් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන එක. කොයි වෙලේවත් අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි.
හුඟක් ආයෝජකයින් වලසා ගවයා කියන දෙවිදිහටම හැසිරෙනවා, වෙළඳපළ ක්‍රියාකාරී විට ඔවුනුත් ක්‍රියාකාරී වෙලා වෙළඳපළ පහළ බහිනකොට ඔවුනුත් වේගය අඩු කරනවා. ඉතින් මේ විදිහට මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් වෙළඳපළ තත්වය පහළ ගියත් ඉහළ ගියත් ඔවුන් මුදල් උපයනවා.
කොයි වෙලේවත් නොවිය යුතු සත්වයා තමයි ඌරා. කිසිම ආයෝජනයක් කරන්න එපා හොයල බලන්නෙ නැතුව. නොතේරෙන දේවල් කරන්න යන්නෙපා. කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් පැරණි කියමනක් තිබෙනවා "Bulls make money, bears make money, pigs just get slaughtered!". තේරෙනව ඇතිනෙ?
ඉතින් ඌරෙක් වෙනවාට වඩා ඉතාම හොඳයි කුකුළෙක් වෙන එක.
ඉතින් මේ තමයි, කොටස් වෙළඳපළක් තුළ සිටින සතුන් සිව් දෙනා. ඉතින් ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක්ද?

කොටස් මිල ඉහළ යාම, පහළ යාම....... කියන දේවල් වෙන හැටි අපි අද කතාවක් අනුසාරයෙන් බලමු.
ව්‍යාපාරයක් ඇරඹිණි (Company/Business started)
සිරිල් කියන්නෙ හොඳ ගොවියෙක්. ඔහුට ආසාවක් ඇති උනා, පොල් වත්තක් අරඹන්න. මොකද ඔහුට තේරුනා ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා කියල. ඉතින් ඔහු ඔහු ලඟ තිබෙන මුදල් හා ණය මුදලක් අරගෙන ගැළපෙන විදිහෙ ඉඩමක් හා තවත් දේවල් කිහිපයක් මිලට ගත්ත. නමුත් ඔහුට අමතක උනා පොල් පැළ ගන්න මුදල් අවශ්‍ය වග. හොයාගෙන යනකොට ඔහුට හම්බ උනා ඉතා ඉක්මනින් ඵලදාවක් ලබා දෙන පොල් විශේෂයක් විකුණන තැනක්. ඔහුට අවශ්‍ය පැළ ලබා ගන්න රු.5,000ක් අවශ්‍ය උනා. නමුත් ඔහු ලඟ තියෙන්නෙ රු.2,500ක් පමණයි. ඉතින් මොකද කරන්නෙ???
වර්ධනය සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ජනතාවට ආයෝජනයට අවස්ථාව ලබා දීම. (Initial Public Offering for raising capital)
සිරිල් මොකද කරන්නෙ, තමුන්ගෙ හොඳම මිතුරන් 5 දෙනෙක් හමුවෙන්න යනව, ඔබත් එක්කෙනෙක්. ඔහු ඔබ එකිනෙකාගෙන් රු.500 බැගින් ඉල්ලා සිටිනවා. ඔහු ඒක ණයක් වශයෙන් නෙමෙයි ඉල්ලන්නෙ, මොකද ඔහුට හරියටම කියන්න බෑ ණය ගෙවීම සඳහා ඔහුට ආදායමක් ලැබෙයිද කියල, නමුත් ඔහු පොරොන්දු වෙනවා තමුන්ට ලැබෙන ආදායමෙන් කොටසක්, ඔවුන් දුන්නු මුදලට අනුව ලබා දෙන්න. ඔවුනුත් ඊට ඒකට එකඟ උනා.
වෙනත් වචනවලින් කිව්වොත් මෙතන සිද්ද උනේ සිරිල් තමුන්ගේ පොල් වත්තෙන් කොටසක් තමුන්ගේ මිතුරන්ට ලබා දීම. (shares)
සහකරුවෙකු හා කොටස් හිමියෙකු වීම අතර වෙනස (Partners and Share Holders)
ඉතින් මේ පොල් පැළ ඉතාම වේගයෙන් වැවුනා, පළමු අවුරුද්දෙම ඵලදාව හටගත්ත. මුලින්ම පොල් ගෙඩි 100ක් හැදුන. ඉතින් පොල් පැළ වෙනුවෙන් සිරිල් 50%ක් වියදම් කරපු නිසා ඔහු පොල් ගෙඩි 50 තියාගෙන ඉතිරි පොල් ගෙඩි 50 මිතුරන් 5 දෙනා ඒ කියන්නෙ ආයෝජකයින් 5 දෙනා අතරේ සමව බෙදල දෙන්න තීරණය කළා. ඔවුන්ට මේ පොල් ගෙඩි පරිභෝජනය කරන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්.
ඉතින් මේ ආයෝජකයින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් පැවැත්වුවා. එයාල එයාලගෙ කොටස් ලබා ගන්නවද නැතිනම් සිරිල්ටම ඒ පොල් ගෙඩි ටික විකුණන්න කියල මුදල ගන්නවද කියල. ඔවුන් තීරණය කළා සිරිල්ටම පොල් ගෙඩි ටික විකුණන්න ඉඩ දීල ලාභය අතට ගන්න. (General meeting) ඉතින් සිරිල් ඒ ටික විකුණල, ලාභය ඔවුන්ට ලබා දුන්න. ඒ විතරක් නෙමෙයි සිරිල් පොඩි ලියවිල්ලක් හැදුව "සිරිල් සහ සමාගමේ එක් කොටසක් ඔබට හිමියි. ඒ සඳහා සමාගමේ ලාභයෙන් 10%ක් ඔබට අයිතියි" කියල.
අව මිල සහිත සිරිල්ගේ සමාගමේ කොටස් අලෙවි වෙයි (Trading of Undervalued Stocks)
ඉතින් ඔන්න දැන් සිරිල්ගේ පොල් වත්ත ඉතාම සරුසාරයි. දැන් ඔහුගේ වත්තෙන් පොල් ගෙඩි 500ක ඵලදාවක් තිබෙනවා. ඔහු ඒ පොල් ගෙඩියක් රු. 20 ගණනේ විකුණනවා. ආදායම රු. 10,000/=යි. ඔහු දැන් මිතුරන්ට (කොටස් හිමියන්ට) රු. 1,000 ගණනෙ ලබා දෙනවා. සිරිල් තමුන්ගේ රු. 5,000න් තවත් පොල්පැළ මිලට ගෙන සිටුවනවා. ඒවාත් ඉතාම වේගයෙන් වැඩිල, ඵල හට ගන්නවා. දැන් සිරිල්ට රු. 20,000ක ආදායමක් ලැබෙන පොල් වත්තක් තිබෙනවා.
ඉතින් මේක දැකපු සිරිල්ගේ අසල්වැසියෙක් වන නිමල්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා. ඒ අතරේ සිරිල්ගේ සමාගමේ කොටස් හිමියෙක් වෙන සුනිල් තමුන්ගේ කොටස් විකුණන්න කැමත්තෙන් ඉන්නවා. ඉතින් නිමල්, සුනිල්ට රු. 500ක් (bid price) දෙන්න කැමතියි මේ කොටස මිලට ගන්න. ඒත් සුනිල් මෝඩ නෑ, ඔහු දන්නවා දැනටමත් මේ සමාගම කොටසකට රු. 2,000ක් උපයනවා කියල. ඉතින් සුනිල් ඒ කොටස සඳහා රු. 2,000ක් ඉල්ලනවා (ask price) නිමල්ගෙන්.නිමල් එවෙලෙම කැමති වෙලා කොටස ඒ මිලට, මිලට ගන්නවා. (trading happens)
පොඩි රැවටිලිකාර දෙයක් සිද්ධ වෙනවා. (Bubble Formed)
සිරිල්ගේ අනෙක් කොටස් හිමි මිතුරන් දකිනවා සුනිල් කරපු දේ හා ඔහුට ලැබුනු මුදල, ඉතින් ඔවුන්ටත් තමුන්ගේ කොටස් විකුණන්න ඕනෙ වෙනවා. (කොටස් හිමියන්) අනිත් පැත්තෙන් සිරිල්ගේ තවත් අසල්වැසියන්ට මේකට සම්බන්ධ වෙන්න ඕනෙ වෙනවා (ආයෝජකයින්), ඔවුන් දැක්කනෙ නිමල්ගේ ආයෝජනය කෙතරම් ඉක්මනින් සිදු උනාද කියන එක.
ඉතින් මෙහෙම එහෙට මෙහෙට කොටස් අලෙවි වෙලා, (trading of shares) කොටසක මිල රු. 5,000 දක්වා ඉහළ යනවා. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදායමටත් වඩා ඉහළ අගයක්. (කොටස් අධි මිලට අලෙවි වෙනවා) සිරිල්ගේ මුල්ම ආයෝජකයින්ගෙන් එකම එක්කෙනෙක් පමණයි තවමත් තමුන්ගේ කොටස තියාගෙන ඉන්නෙ. ඒ ගයාන්. රු. 6,000ට ඉල්ලුවත් ඔහු ඒක තියාගෙන ඉන්නෙ, ඒකෙන් තමුන්ට ස්ථිර ආදායමක් ලැබෙන නිසයි. (fixed income=dividends)
ඉතින් මේ අතරෙ, පොල් කුරුමිණියෝ නිසා සිරිල්ගේ මුලු පොල් වගාවම විනාශ වෙනවා, වසරකම ආදායම නැති කරල දාමින්. ඉතින් කොටස් හිමියන්ට හරිම ප්‍රශ්නයක්, ඇයි ඔවුන් කොටස් මිලට ගත්තේ තමුන්ගේ වැඩ වලට ඉතිරි කරගත්තු මුදල් වලින්නෙ. (margin traded)
රැවටිල්ල කඩා වැටෙනවා (Bubble Bursts)
ඉතින් යළි මුදල් අවශ්‍ය කොටස් හිමියන්ගෙන් දෙදෙනෙක්, තමුන්ගේ කොටස් යළිත් රු. 2000ට ගයාන්ට විකුණනවා. (කොටස් මිල පහළ යනවා) දැන් ඔහු ලඟ සිරිල්ගේ සමාගමේ කොටස් 3ක් තිබෙනවා. අනිත් කොටස් හිමියන් දෙදෙනාත් ඒකම කරන්න උත්සාහ කළත් ගයාන්ට කොටස් 3ක් ඇති, ඉතින් ඔහු තවත් මිලට ගන්න සූදානම් නෑ.
ඉතින් දැන් අනිත් කොටස් හිමියන් දෙදෙනාට හරිම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න ජයන්ත මේ කොටස් වලට රු, 1,500ක් ගෙවන්න කැමතියි. මොනව කරන්නද, ඒ කොටස් හිමියන් දෙදෙනා රු. 1,500 බැගින්තමුන්ගේ කොටස් දෙක ජයන්තට ලබා දෙනවා. (තවත් කොටස් මිල පහළ යනවා)
මේ කෙසේ වෙතත් සිරිල්ගේ පොල් වලට තිබෙන ඉල්ලුම එහෙමමයි,ඉතින් සිරිල්ට කොහොම හරි මේ පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් ගස් ටික ගොඩ ගන්න ඕනෙ. නමුත් ඒකට කෘමිනාශක ගන්න සිරිල්ට මුදල් අවශ්‍යයි.

සිරිල් බැඳුම්කර නිකුත් කරයි. (Issuing of Bonds)
ඔහුගේ මිතුරන්ට සිදුවූ බොරුව නිසා යළිත් කොටස් නිකුත් කරන්න සිරිල්ගෙ උනන්දුවක් නෑ. ඔහු හිතනවා ණය මුදලක් ගන්න. නමුත් එකක් දැනටමත් අරගෙන නිසා ඔහුට යළිත් ණයක් ගන්න බෑ.
ඉතින් ඔහු බලනවා ඔහු ලඟ තිබෙන උපකරණ වලින් විකිණිය හැකි දේවල් තිබෙනවාද කියල. ඔන්න ඔහුට එනවා හොඳ අදහසක්. ඔහුගේ ලඟ තිබෙනවා භාජන ටිකක්. පොල් ඵලදාව නැතිව ඒවායින් වැඩක් නෑ, නමුත් යළිත් ඵලදාව ලැබෙනකොට ඒවා ඕනෙ වෙනවා.
ඉතින් සිරිල් කතා කරනවා ඔහුගේ අසල්වැසියා නිමල්ට.
"නිමල් මගෙ මිත්‍රයා, මම ඔබත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න කැමතියි. මගෙ මෙන්න මේ භාජන ටික රු. 5,000ක් වටිනවා. නමුත් මම හැමතියි ඒව ඔබට රු. 3,000ට විකුණන්න. නමුත් ලබන මාසයේදී මම ඒවා ඔබෙන් යළි මිලට ගන්නවා රු. 5,000ට" හ්ම්ම්. නිමල් මේ ගැන හිතල බලනවා, නරකම දෙයක් උනොත් ඔහුට ඒ භාජන ටික විකුණල දාන්න පුළුවන්නෙ. නැත්තම් මේක ලාභදායක වැඩක්නෙ, ඉතින් ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා.
"මේකනෙ නිමල්, මේ ටික එහාට මෙහාට ගෙනියන එක කරදරයිනෙ, ඉතින් අපි මෙහෙම කරමු" කියපු සිරිල්, මේ ගනුදෙනුවට ලියවිල්ලක් සකසනවා.
නිමල් මෙහෙම අහනවා "මොකද්ද පොරොන්දු පත්‍රයක්ද?"
සිරිල් කියනවා, "ඔව් ඒ වගේ එකක් තමා, නමුත් අපි මේකට බැඳුම්කරයක් (Bond) කියල කියමු."
ඔන්න ඉතින් ඒ මුදලෙන් සිරිල් කෘමිනාශක අරගෙන ඔක්කොම පොල් කුරුමිණියන් ඉවත් කරල ආපහු පොල් වත්ත ගොඩ ගන්නවා. අර කිව්ව කාලයට පස්සෙ නිමල්ට මුදල් පොරොන්දු වූ පරිදි මුදල් ගෙවල යළිත් ඒ භාජන වල අයිහියත් ලබා ගන්නවා.
යළිත් ඔක්කොම යථා තත්වයට.
මොකද්ද මේකෙන් ඉගෙනගන්න පුළුවන්?
මේ කථාව හරහා කොටස් වෙළඳපළ ආයෝජනයේ සියළුම කොටස් නම් ආවරණය උනේ නෑ. නමුත් මෙහිදී එක් දෙයක් ඉතාම තදින් කියවුනා, ඒක තමයි, සිරිල්ගේ සමාගමේ කොටස් වල මිල තීරණය උනේ ආයෝජකයින්ගේ අදහස් මත කියන එක. ඒක සිරිල්ගේ පොල් වත්තේ ආදයම මතම යැපුනේ නෑ.
කොටස් වෙළඳපළ කියන්නේ වෙන්දේසියක්. කිසිම කොටසකට අදාල වටිනාකමක් නෑ. හැම වෙලේම ඒ වෙලාවට අනුව ඒ කොටසේ වටිනාකම වෙන්නෙ ඒ වෙලාවේදී ආයෝජකයින් ඒ වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන මිලයි.
මේ වටිනාකමේ විචලනය හරහා තමයි ආයෝජකයින් ලාභ ලබන්නේ. ඒක එක් වෙලාවකට නරකටත් තවත් වෙලාවක හොදටත් හිටිනවා. ඔබ අවමිලට කොටසක් ගත්තොත් ඔබල ලාභ ගන්නත්, අධිමිලට කොටසක් ගත්තොත් ඔබට අලාභයක් සිදුවෙන්නත් සිදු වෙනවා.

මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව.
විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම
කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව.
අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක.
විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා.
ආර්ථික ඉලක්ක සපුරා ගැනීම
ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න.
ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා.
මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්.
මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ)
ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව.
ආයෝජනය නොකිරීමට හේතු
ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම.
පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න.
දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ.
අවසන් නිගමනය
මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි.,
ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න.
ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව.
එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!!

ආයෝජනයක් ඇරඹීමට කොපමණ මුදලක් අවශ්‍යද???
බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. "මේක පටන් ගන්න කීයක් මම මුලින්ම දාන්න ඕනෙද?"
උත්තරය සරළයි. "ඕනෙම ගාණකින් පටන් ගන්න පුළුවන්"
ක්‍රියාකාරී ආයෝජනයක් සාමාන්‍ය ආයෝජනයකට වඩා වෙනස්. ක්‍රියාකාරී ආයෝජකයෙක් වෙනකොට විවිධ දේවල් ගැනත් හිතන්න ඕනෙ. නැත්තම් ඔයා ලාභ ගන්න ඉස්සෙල්ල දාපු සල්ලි ටික ඉවර වෙලා තියේවි.
ඒ කොයික වෙතත් පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතල බලන්න.
තැරැව්කාර සමාගමට ගෙවිය යුතු ගාස්තු (Broker Charges)
මේක තමයි ඕනෑම ලොකු පොඩි ආයෝජකයෙකුට තිබෙන ලොකුම වියදම. දුරකථන ඇමතුම්, ඉන්ටනෙට්, මෘදුකාංග වගේ දේවලටත් ඔයාලට වියදම් යනව, නමුත් මේක තමයි ලොකුම එක. මිලදී ගැනීමක් හෝ විකිණිමකදි යන අවස්ථා දෙකෙහිදිම ආයෝජකයාට සිද්ධ වෙනවා තැරැව්කාර සමාගමට ගෙවීමක් කරන්න. වරදවා හිතන්නෙපා ඒ ඔක්කොම සල්ලි යන්නෙ එයාලට කියල, ඒක ඇතුළෙ කිහිප දෙනෙක් ඉන්නව. ඔබත් ඉන්නව කියන්නත් පුළුවන්. (ඉන් කොටසක් විනිමය කොමිෂන් සභාවටත් යනව, එයාල ඉන්නෙ ඔයාලගෙ ආරක්ෂාවට)
ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. කරන ගනු දෙනු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ කියන අමතර වියදමත් වැඩි වෙනවා. (මේ කියන ගාස්තුව තමයි අර ඉස්සෙල්ල 1.425% කියල තිබ්බෙ, නමුත් ආයෝජකයින් දිරිමත් කිරීමටත් එක්ක ඒක 1.02% දක්වා අඩු කරල තියෙනව කියල දන්නව ඇතිනෙ?)
තැරැව්කාර සමාගම්, අවම ආයෝජන සීමාවක් පැනවීම
සමහර තැරැව්කාර සමාගම් මේ වැඩේ කරනව. මොකද කියල හිතා ගන්න පුළුවන්නෙ? මොකද කිව්වොත් අපි කරන ගනු දෙනු අනුව තමා එයාලගෙ ආදායම තීරණය වෙන්නෙත්, ඉතින් අපි චුට්ටි චුට්ටි ආයෝජන කරනකොට එයාලට අලාභයි. (අපෙන් අලාභ උනාට අනිත් අයගෙන් ඒක මැකෙනව) උදාහරණයක් විදිහට, අපි මොකක්හරි ආයෝජනයක් කළා කියමුකො රු. 1000ක. ඒකට එයාලට ලැබෙන ගාස්තුව රු.15 කියමුකො. (හරිම ගාණ නෙමෙයි). අපි කරපු ගනුදෙනුවට අදාල රිසිට්පත අපේ ගෙදරට එවන්න එයාලට තව ගාණක් වියදම් වෙනව, අන්තිමට බැලුවම එයාලට අතිනුත් පාඩුයි.
ඉතින් අන්න එහෙම ඒව වළකගන්න හා එයාලගෙ ලාභයන් වැඩි කරගන්නත්, එයාලගෙ පහසුව තකාත්, එයාල අවම සීමාවක් පණවනව. උදාහරණයක් විදිහට සමහර ආයතන රු.100,000ක අවමයක් ඉල්ලනව CDS ගිණුමක් අරඹන්න. ඒත් හැමෝම එහෙම නෙමෙයි. තවත් ආයතන බලන්නෙ දිගුකාලීන ආයෝජකයින් ගැන විතරයි, එතකොටත් එයාල අර වගේ සීමාවක් පණවන්න ඉඩ තියෙනව.
ඉතින් මේව ගැන හිතල තමුන්ගෙ තැරැව්කරුවාව තෝර ගත්තම ලේසියි.
කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය ඇරඹීම සඳහා අවම මූල්‍යමය සීමාවක් නැහැ. ඔබ කුඩා මුදලකින් ආයෝජනයක් පටන් ගන්න හිතනව නම්, අරම අවම සීමාවක් දාල නැති තැරැව්කාර ආයතනයක් තෝරා ගන්න. එතකොට හරි.

Ordinary Shares (N)-ඔයාලට සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය පත් කරන්න ඡන්දය දෙන්න පුලුවන් වෙන කොටස් HNB000N ගොඩාක් වෙලාවට මේ කොටසක මිල වෑඩියි.නමුත් වෙනස් වුන කොටසකුත් තියනවා.ඒ කියන්නේ X අගය ඉහල යනවා N වලට වඩා
Non-Voting Ordinary Shares (X)-ඡන්ද අයිතිය හිමි නෑත HNB 000X
Warrants (W)- SMB 000W සාමාන්‍ය කොටසක් බවට හෑරීමට ප්‍රථම වෙලදපලට නිකුත් කර ඒවා

Can't download pdf?
ReplyDelete