Saturday, December 19, 2015

කොළඹ කොටස් වෙළඳපල විකාශනය

කොළඹ කොටස් වෙළඳ පල විකාශනය (CSE)

ශ්‍රී ලංකාවේ සමාගම්වල කොටස් වෙළඳාම වසර 1896 තරම් අතීතයට විහිද යයි. ප්‍රථමයෙන්, කොළඹ බ්‍රෝකර් වරැන්ගේ (තැරැව් කරැවන්ගේ) සංගමය විසින් කොටස් වලින් සීමිත වැවිලි සමාගම් ආරම්භ කිරීම පිණිස අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා කොටස් ගනුදෙනු 1896 වසරේදී අරඹන ලදි.

වර්ශ 1985 දී කොටස් වෙළඳපල විධිමත්ව ආරම්භ වීමත් සමග එම කටයුතු  කොළඹ කොටස් වෙළදපල (CSE) නම් වූ ආයතනයට පැවරිණ. එහි කාර්‍ය්‍යය භාරය එහි වෙබ් අඩවියෙහි දක්වා ඇති පරිදි පහත පරදි වෙයි;

“කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන අතර සමාගම් හා ආයෝජකයින් එක් කිරීම සදහා පාරදෘශ්‍ය හා විධිමත් පරිසරයක් සකස් කිරීම හා පවත්වාගෙන යාම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වගකීමයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේස්ථාපනය කොට ඇත. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් ‍ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට බලපත්‍ර  ලබා දී ඇති අතර සමාජික ආයතන 15 ක හා වෙළෙද සාමාජික ආයතන 14 ක අන්‍යෝන්‍ය සහභාගීත්වයෙන් ආයතනය කියාත්මක වේ. මෙකී සමාජික ආයතන 15 ට හා වෙළෙද සාමාජික ආයතන 14 ට කොටස් තැරැව්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලපත්‍ර  ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිසන් සභාව මගින් ලබාදී ඇත.

වර්තමානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ, වෙළෙඳපොළ ක්‍රියාකරු ලෙසත් කොළඹ කොටස් වෙළෙඳ පොළේ පරිපුර්ණ හිමිකාරිත්වය සහිත ˝මධ්‍යම තැන්පතු ක්‍රමය˝ පුද්ගලික සමාගම පියවීම හා නිශ්කාෂණ ක්‍රියාකරු ලෙසත් පහසුකම් සැපයීමේ නිරත වී සිටී. එමෙන්ම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව වෙළෙඳපොළ සඳහා අවශ්‍ය  නියාමනය, රෙගුලාසි කරණය, සංස්ථාපිත ලැයිස්තුගත සමාගම් අතර ප්‍රමිතීන් හඳුන්වා දීම හා පවත්වා ගෙන යාම සහ ආයෝජකයින්ට අවශ්‍ය දැනුම්වත් භාවය ලබා දීම සිදුකරයි.

එ පමණක්ද නොව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ක්‍රියා කාරීත්වයන් අතර බාහිර පාර්ශ්වයන් සමඟ පවත්වන සම්බන්ධතා ඉතා වැදගත් ස්ථානයක් ගනී. ගනු දෙනු කරුවන්, හිමි කරුවන් එනම් විවිධාකාරයේ සුරැකුම්පත් නිකුත් කරන ආයතන (සමාගම්,සංස්ථා,ඒකක භාර) වාණිජ බැංකු, ආයෝජන බැංකු, අරමුදල් කළමනා කරුවන්, කොටස් තැරැව්කාර ආයතන, මුල්‍ය උපදේශක වරුන්, වෙළෙඳ පොළ දත්ත විකිණුම් කරුවන් සහ ආයෝජකයින් ආදී සියලු පාර්ශව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමඟ සබඳතා පවත්වයි.” (http://www.cse.lk)

කොළඹ කොටස් වෙළඳ පලෙහි කාර්යක්ෂමතාව වැඩි දියුනු කිරීම සඳහා එහි ව්‍යුහමය වෙනස් කම් කිහිපයක් කිරීමෙන් එයද කොටස් වෙළඳපලෙහි ලැයිස්තු ගත සමාගමක් බවට පත් කිරීමේ යෝජනාවක් ද දැන් ඉදිරිපත්ව තිබේ. වර්තමාණ කොළඹ කොටස් වෙළඳපල පිරිවැටුම වෙනත් රටවල කොටස් වෙළඳපල පිරිවැටුම සමග සංසන්දනයේදී කුඩා වෙළඳපලක් වුවද එය ලොව අති නවීණ තාක්ෂණය යොදා ගන්නා කොටස් වෙළඳ පලක් ලෙස ප්‍රචලිත වී ඇත. මෑතක දී එහි ක්‍රියා කාරීත්වය අගැයූ ජාත්‍යන්තර ප්‍රමීති ආයතනය එයට අයි. එස්. ඕ. (iso) සහතිකය ද පිරි නමා ඇත. එය කොළඹ කොටස් වෙළද පලෙහි ඉතා වැදගත් සිදුවීමක්  ලෙස සැලනේ.

කොළඹ කොටස් වෙළඳපල සංවර්ධනයේ මුල් අවධියේදී කොටස් සහතික පත්‍ර  ආයෝජකයන් සන්තකයේ තිබුණි. එබැවින් එම කොටස් විකිණීම අවශ්‍යවූ විට එම සහතික පත්‍ර තැරැව් කරැවෙකුට භාර දිය යුතු විය. මෙය වෙළඳපල ගනුදෙනු කාර්යක්ෂමව කිරීමට බාධාවක් විය. මධ්‍යම තැන්පතු ක්‍රමය (Central Depository System - CDS) ආරම්භ කිරීමත් සමගම එම ගැටලුව විසඳුනි. වෙළඳපල කාර්යක්ෂමතාව වැඩි විය. දැනට සමාගම් කො‍ටස්, ණයකර සහ රජයේ සුරැකුම්පත් කොළඹ කොටස් වෙළඳ පලෙහි ගනුදෙනු කල හැකි ය.

කොළඹ කොටස් වෙළඳපලට සම්පූර්ණයෙන්ම අනුබද්ධිත ආයතනයක් ලෙස මධ්‍යම තැන්පතු ක්‍රමය(CDS) ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ඒ අනුව කොටස් වෙළඳ පල ගනුදෙනු කරැවන් ලියාපදිංචි කිරීම, කොටස් සහතික පත්‍ර තැන්පත් කර තැ‍බෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම, වෙළඳපල ගනුදෙනු නිෂ්කාශනය සහ බේරැම් කිරීම යන වැදගත් කටයුතු රාශියක්ම ඉන් සිදුකරනු ලබයි. මෙම ක්‍රමය ආරම්භ වූ පසුව කොටස් ගනු දෙනු වල යෙදීම සඳහා සියලු කොටස් සහතික එහි තැන්පත් කිරීම අනිවාර්ය විය.

යමෙකු කොටස් වෙළඳාම ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් ප්‍රමයෙන්ම කල යුතු වන්නේ තැරැව්කාර සමාගමක් මගින් ගිනුමක් ඇරඹීම සඳහා අයදුම් පතක් මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ඉදිරිපත් කිරීමය. යමෙකුට තැරැව් කරැවන් කිහිප දොනකු මගින් ගිනුම් කිහිපයක් වුවද විවෘත කල හැකිය. ඒ සඳහා කිසිදු ගෙවීමක් අය නොකෙරේ. ගිණුම විවෘතකල පසු තම සන්තකයේ කොටස් සහතික පත්‍ර ඇත්නම් ඒවා තැරැව්කරැට භාර දී ලදුපතක් ලබාගත හැකිය.
 
තම ගිණුම් අතර කොටස් මාරැ කිරීමේ පහසුවද සලසා ඇත. ඒ සඳහාද තම තැරැව්කරැ මගින් අයදුම් කල යුතු වේ. පිලිගත හැකි කිට්ටු නෑ සබඳකමක් ඇති විට හෝ මියගිය අයෙකු ගේ උරැම කරැවනට හෝ අදාල කොටස් ගිනුම් අතර මාරැ කිරීම කල හැකිය. ඒ සඳහාද අයදුම් පතක් තම තැරැව් කරැවෙත භාරදිය යුතුය. ජීවත්ව සිටින අයෙකුගේ කොටස් වෙනත් අයෙකුට පැවරීමේදී පමණක් සුරැකුම්පත් හා විණිමය නියාමණ කොමිශන් සභාවේ (SEC) අනුමැතිය ලබා ගැනීම තැරැව්කරැ විසින් සිදුකරනු ඇත.

මූලික කොටස් නිකුතු වලදී හෝ ප්‍රසාද කොටස් නිකුතු වලදී හෝ කොටස් බෙදීම (Split) වෙනයම් අවස්ථාවකදී හෝ ගිණුමක් ආරම්භ කර ඇති තැනැත්තන්ගේ කොටස් සහතික පත්‍ර කොටස් හිමියන් වෙත තැපෑලෙන් එවීමේ සම්ප්‍රදාය මේ අනුව නතර විය. අදාල සමාගම් විසින් ගනුදෙනු කරැවන්ගේ ගිණුම් වලට කෙලින්ම එම කොටස් තැන්පත් කිරීම දැන් සිදු කරනු ලැබේ. එම කොටස් විකිනීමේදී විකුණුම් කරැගේ ගිණුම බැර කිරීම සහ ගැනුම්කරැගේ ගිණුම හර කිරීම එමගින් සිදු කෙරේ.

යම් ගනුදෙනු කරැවෙකුට තම කොටස් සියල්ලම හෝ ඉන් කොටසක් විකිණිය නොහැකි ලෙස වෙනම ගිණුමක සුරක්ෂිතව සිරකර තැබීමේ (lock-in) පහසුකමක්ද දැන් ඇත.

මසක් තුල කෙරෙන සියලු ගනුදෙනු අඩංගුකොට මාසික ගිණුම් වාර්තාවක්ද ගිණුම් හිමියන් වෙත යවනු ලැබේ. කිසිදු ගනුදෙනුවක් සිදුනොවුන හොත් මාසික වාර්තාව වෙනුවට ත්‍රෛයි මාසික වාර්තාවක් යවනු ලැබේ.

යමකු ට මෙසේ තැන්පත් කර ඇති කොටස් නැවත සහතික පත්‍රයක් ලෙස ලබාගැනීම අවශ්ය‍ නම් ඒ සඳහා ද තම තැරැව්කරැ මගින් අයදුම් කල හැකිය. කෙසේ වෙතත් එම කොටස් අලෙවි කිරීමට අවශ්‍ය වූ විට නැවත තම සීඩීඑස් ගිණුමේ (CDS Account) තැන්පත් කල යුතුය. යමකුට ලැබෙන සීඩීඑස් ගිණුම් අංකය (CDS Account Number) මතක තබාගැනීම ඉතා පහසු කරැණක් වන්නේ එය තම ජාතික හැඳුනුම් පත් අංකයට මුලින් තැරැව්කරැගේ කේතය (Code) යොදා සාදාගන්නා බැවිනි.

දැනට අදාල සමාගම් විසින් කොටස් හිමියන්ගේ ලාභාංශ චෙක්පත් මගින් කෙලින්ම කොටස් හිමියා වෙතම යවනු ලැබේ. කෙසේ වෙතත් තම තැරැව්කරැ මගින් මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ඉල්ලීමක් කරන්නේ නම් සියලු ලාභාංශ කෙලින්ම තම බැංකු ගිණුමෙහි තැන්පත් කරවා ගැනීමේ පහසුකම දැන් කොටස් හිමියනට ලබා දී ඇත.

කොළඹ කොටස් වෙළඳපල ජාතික ආර්ථිකයට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදන යාන්ත්‍රණයක් ලෙස දැන් මුල් බැසගෙන ඇත. පහත දැක්වෙන සටහනෙහි විස්තරාත්මකව පෙන්වා දී ඇති ආකාරයට 2010 වසර වන විට රැපියල් බිලියන 2240 ක් ඉක්මවූ ප්‍රාග්ධනීකරණයක් ආර්ථිකයට ලබාදීමට කොළඹ කොටස් වෙළඳපලට හැකි විය.

2010 දෙසැම්බර් 31 වනවිට මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ඇති තැන්පතු ප්‍රමාණය සහ වෙළඳපල ප්‍රාග්ධනීකරණය පිළිබඳ සංඛ්යාක
වර්ගය ප්‍රමාණය සංඛ්‍යාව වටිනාකම රැපියල් වෙළඳපල ප්‍රාග්ධනීකරණය රැපියල් මධ්යයම තැන්පතු ක්‍රමයෙහි තැන්පත් කර ඇති වටිනාකම ප්‍රතිශතයක් ලෙස
කොටස් 23,702,335,245 1,360,784,836,611 2,210,452,080,971 62
ණයකර 130,684,244 12,473,171,835.18 30,080,640,884.77 41

දැනට සකස් කෙරෙමින් පවතින ප්‍රතිසංවිධාන ක්‍රියාවට නැගුනු විට සමාගම් කොටස් හා ණයකර පමණක් නොව ඛණිජ තෙල්, ගෑස්, රත්‍රන් වැනි වෙනත් වෙනත් වෙළඳ භාණඩ වල අනාගත ඉල්ලුම සැපයුම හා මිල මත පදනම් වූ සුරැකුම් පත් හා අනාගත වාණිජ පත්‍රිකා (futures) වෙළඳාමට ඉදිරිපත් කෙරෙනු ඇත. එවිට වෙළඳපල ප්‍රාග්ධනීකරණ අවස්ථා තවදුරටත් පුලුල් වී ආර්ථික සංවර්ධනය වේගවත් වනු ඇත.

1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොම්ශන් සභා පණත මගින් වර්තමාන සුරැකුම්පත් සහ විනිමය කොම්ශන් සභාව ආරම්භ කොට කොටස් වෙළඳපල නියාමන කටයුතු එම ආයතනයට පවරන ලදි. මේ දක්වාම නියාමණ කටයුතු සඳහා වෙනම ආයතනයකි නොවීය. මෙම පනත 1991 අංක 26 දරන පණතින්ද, 2003 අංක 18 දරන පණතින්ද, 2009 අංක 47 දරන පණතින්ද වරින්වර සංශෝධනය වූ අතර මෑතක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතු කොට ගෙන නියාමක බලතල වැඩිකිරීමේ නව සංශෝධනයක්ද සකස් කෙරෙමින් පවතී.

උපුටා ගැනීම
http://forum.lankaninvestor.com/t365-cse

No comments:

Post a Comment