ගොඩක් අයගේ ඉල්ලීම මතත් ගොඩක් අය නොදන්නා දෙයක් නිසාත් මම තවත් අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අපේ ගොඩක් අය ට්‍රයි කරනවනේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ගුගල් ඇඩ් සෙන්ස් , ඔඩෙස්ක් , ෆ්‍රී ලාන්ස් , ෆොරෙක්ස් ට්‍රේඩින් වගේ. ඒ විතරක් නෙමෙයි විවිධ වෙබ් සයිට් වල ඇඩ්ස් ක්ලික් කරලත් සල්ලි හොයන්න හදනවනේ. ඒත් සාර්ථක වෙන්නේ කිහිප දෙනෙක් තමයි. ඇඩ් ක්ලික් කරන එක නම් ගොඩක් වෙලාවට බොරු වැඩක්.
මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හරියටම සල්ලි හොයාගන්න පුළුවන් විදියක් ගැන. ඒ තමයි කොටස් වෙළඳපල ආයෝජනය කිරීම ගැන. හැබැයි මේකෙදි ලාබ වගේම පාඩුත් සිද්ද වෙනවා. ඒක නිසා පරිස්සමෙන් හරියට දැනුවත් වෙලා තමයි කරන්න ඕන. මේ දවස් වල නම් ලංකාවේ කොටස් වෙළඳපල ටිකක් වැටිලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොටස් වල මිල අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳ කොටස් අඩු මිලකට ගන්න පුළුවන්. දිගු කාලීනව ආයෝජනය කරන අයට නම් මේ කාලේ කොටස් ගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම අපිත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ. දවසක අපිටත් අයෝජයනය කරලා හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම් මම කොටස් වෙළඳපල ගැන ටිකක් කියල දෙන්නම්කො.
කොටස් වෙළඳපොල කියන්නේ සමාගම් වල කොටස් මිලදී ගන්න සහ විකුනන්න පුළුවන් තැනක. ලංකාවේ තියෙන්නේ කොළඹ කොටස් වෙළඳපල විතරයි. මේ වෙද්දී කොළඹ කොටස් වෙළඳපලේ 280ක පමණ ලැයිස්තු ගත කරලා තියෙනවා. අපි මේ සමාගම් වලට කියනවා මිල කල සමාගම් කියල. මිල කල සමාගම් වලට උදාහරණ විදියට ඩයලොග්, ජෝන් කීල්ස්, කාර්ගිල්ස්, SLT,සොෆ්ට්ලොජික්, PC හවුස් , සිලෝන් ටොබැකො, හේමාස් , ලාස්ෆ් ගෑස් වගේ සමාගම් දක්වන්න පුළුවන්. ඒ වගේම බැංකු, මුල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, හෝටල් , පුද්ගලික රෝහල් ගොඩක් ලැයිස්තු ගත කරලා තියෙනවා
කොළඹ කොටස් වෙළඳපල නියාමනය කරන්නේ එහෙමත් නැත්තම් පාලනය කරන්නේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මඟින්. ඒ වගේම අපිට කොටස් වෙළඳපලට සම්බන්ධ වෙන්න නම් මධ්‍යම තැන්පතු ක්රමයේ (CDS - Central Depository System) ගිණුමක් අවශ්‍ය වෙනවා. අපිට මේ ගිණුමක් ආරම්භ කරන්න වෙන්නේ ලියාපදිංචි කොටස් තැරැව්කරුවෙක් හරහායි. ඒක අපිට නොමිලේම කරගන්න පුළුවන්. මේ වෙද්දී ලියාපදිංචි කොටස් තැරැව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ අයගෙන් කැමති කෙනෙක් ගාව අපිට CDS ගිණුම ආරම්භ කරන්න පුළුවන්.
CDS ගිණුම ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතකුයි, පදිංචිය තහවුරු කරන්න මොකක් හරි බිල් එකකුයි විතරයි (ජල,විදුලි හෝ දුරකථන බිල් එකක් හෝ බැංකු පොතක්). මේවා එක්ක එයාලා අපිට දෙන අයදුම්පත පුරවල දුන්නහම දවස් 2කින් විතර අපේ CDS ගිණුම විවෘත කරනවා. අපිට ගෙදරටත් ඒ විස්තර දාලා ලිපියක් එනවා. එතැනදී ඔබට ගිණුම් අංකයකුත් ලැබෙනවා. ඒක XXX-#########-VN-00 වගේ එකක් (උදා:- MSB-561634579-VN-00). XXX එකෙන් අදාල බ්‍රෝකර්ගේ බ්‍රෝකර් කෝඩ් එක දැක්වෙනවා. ######### මගින් දැක්වෙන්නේ ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකයයි. අපි කොටස් ගද්දී ඒවා තැන්පත් වෙන්නේ මේ ගිණුමෙයි.
ගිණුම විවෘත වුනාට පස්සේ අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් එකට අපිට මුදල් අවශ්‍ය වෙනවා. CDS ගිණුමක තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ කොටස් විතරයි. ඒක නිසා අපිට අවශ්‍ය කොටස් ගන්න අපි මුදල් තැන්පත් කරන්න ඕන කොටස් තැරැව්කාර සමාගමේ ගිනුමටයි. CDS ගිණුම ආරම්භ කලහම එයාල අපිට එයාලගේ බැංකු ගිණුම් වල විස්තර දෙනවා. එයාලගේ ගිණුමට මුදල් දාලා එයාලට දැන්නුවම අපිට ඒ ගණනට අදාලව කොටස් ගන්න පුළුවන්. බය වෙන්න එපා මෙහෙම මුදල් තැන්පත් කරද්දී කිසිම අක්‍රමිකතාවක් වෙන්නේ නැහැ.
දැන් මෙහෙම මුදල් තැන්පත් කලාට පස්සේ අපිට කොටස් ගන්න පුළුවන් වෙනවා. ඒත් හදිස්සි වෙලා නිකන් මුදල් නාස්ති කරගන්න එපා. ඊළඟ පොස්ට් එකෙන් මම තවත් මේකේ තියෙන දේවල් ටිකක් කියල දෙන්නම්. ඒ කියන්නේ කොටස් මිලදී ගන්න ආකාරය, කොටස් වර්ග, කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරලා තියෙන පුවරු වගේ දේවල්. එතකන් CDS ගිණුම ආරම්භ කරලා තියාගන්නකෝ
Cds ginimak hadanna udau karanwada. තැරව්කරුවෝ aduaran na mama...
ReplyDeleteCds ginimak hadanna udau karanwada. තැරව්කරුවෝ aduaran na mama...
Deleteඑලම සහෝදරයා
ReplyDeleteThsnk you
ReplyDeleteCasino No Deposit Bonus Codes for 2021
ReplyDeleteCasino No Deposit Bonus Codes 2021 - Get Free 프라하 사이트 Money 슬롯 No Deposit Bonuses 메이저 토토 사이트 from Casino Bonuses. Learn 룰렛 게임 More. Learn More. Play Now. No deposit bonus 유로스타사이트 codes, deposit bonuses,