Tuesday, August 30, 2016

08 ලැයිස්තු ගත කිරීම් සහ පුවරු

අද මම කියලා දෙන්න හදන්නේ සමාගම් ලැයිස්තු ගත කරන හැටි. ඒ වගේම අපේ කොටස් වෙළඳපලේ කොටස් වෙන් කරලා තියෙන පුවරු ගැනත් කියල දෙන්නම්

කොටස්  වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර


  1. දායකත්වයට ඉදිරිපත් කිරීම (Offer For Subscription) - මේකෙදි අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. ප්‍රාථමික කොටස් නිකුතුවක් කියන්නෙත් මේකටමයි.
  2. විකිනීමට ඉදිරිපත් කිරීම (Offer For Sale) - මෙතැනදී අලුත් කොටස් නිකුත් කරන්නේ නැහැ. දැනට ඉන්න කොටස්කරුවන්ගේ කොටස් අලුත් අයට විකිණීමයි මේකෙදි කරන්නේ.
  3. හඳුන්වාදීම (Introduction) - මෙතැනදී කිසිම කොටස් නිකුත් කිරීමක් හෝ විකිණීමක් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරනවා. එතකොට අපිට කොටස් වෙලඳපලෙන්ම කොටස් ගන්න පුළුවන්.
දැන් මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැන. ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව කියලා පුවරු දෙකක් අපේ කොටස් වෙළඳපලේ භාවිතා කරනවා. ඒවා පාවිච්චි කරන්නේ කොටස් වෙන්කරලා හඳුනා ගන්න


ප්‍රධාන පුවරුව - ප්‍රධාන පුවරුවේ තියෙන්නේ ලොකු සමාගම් තමයි

  1. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 500ට (රු.500, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  2. අඛණ්ඩව වසර 3ක් ලාභ ලබා තිබිය යුතුය.
  3. පසුගිය වසර දෙකෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  4. මහජන කොටස් හිමිකාරිත්වය 25%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 1000ක් අවමව සිටිය යුතුය.

දිරි සවි පුවරුව - මේකේ තියෙන්නේ ටිකක් පොඩි වගේම අලුත් සමාගම්.

  1. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 100ට (රු.100, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  2. පසුගිය වසරෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  3. මහජන කොටස් හිමිකාරිත්වය 10%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 100ක් අවමව සිටිය යුතුය.
  4. සමාගම  ආරම්භ කර වසරක්වත් ගතවී තිබිය යුතුය.
කොටස් වගේම අපේ කොටස් වෙළඳපලේ බැඳුම්කර සහ අරමුදල් වල ආයෝජනය කරන්න පුලුවන්. බැඳුම්කර ගැන මම මෙතැනදී කියන්න යන්නේ නැහැ. අරමුදල් ගැන කියන්නම්.

අරමුදල්  වලින් කරන්නේ අපෙන් සල්ලි අරගෙන ඒ අය හොඳ කොටස් වල ආයෝජනය කරලා අපිට ප්‍රතිලාභ දෙන එකයි. Unit Trust කියලා ඔයාලා අහලත් ඇති. ඒවගේ අවධානම අඩුයි. ඒ වගේම අදයමත් ටිකක් අඩුයි. ලැයිස්තු ගත කරපු අරමුදල් තියෙන්නේ එකක් විතරයි. ඒ නාමල් ඇකුවිටි වැලිව් ෆන්ඩ් (Namal Acuity Value Fund) කියන එකයි. නමුත් කොටස් වෙළඳපලෙන් නැතුව වෙනමත් Unit Trust ගන්න පුලුව. ඒවා නම් ගොඩක් තියෙනවා. මම ඒවා ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්. අරමුදල් ලැයිස්තු ගත කරන්න පහත දේවල් සපුරන්න ඕන. 

  1. යම් කාලසීමාවකදී අවසන් විය යුතු අතර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ බලපත්‍රලාභී කළමනාකරණ සමාගමක් මඟින් කළමනාකරය කල යුතුය.
  2. සම්පුර්ණයෙන් ගෙවූ, උකස්‌ වලින් නිදහස් සහ නිදහසේ පැවරිය හැකි විය යුතුය.
  3. අරමුදලේ අවමය රු මිලියන 25 (රු 25,000,000) වේ.
  4. ලියාපදිංචි කිරීම සඳහා ලේකම් වරයෙක් සිටිය යුතුය.
  5. ලැයිස්තු ගත නීති අනුව භාරකාර ඔප්පුවක් තිබිය යුතුය.

Monday, August 29, 2016

07 සමාගම් හඳුනා ගැනීම

පහුගිය පොස්ට් එකෙන් තැරැව්කරුවන් ගැන දැන ගත්තනේ. ඒත් ඉතින් මේ මොනවා දැනගත්තත් වැඩක් නැහැනේ. කොටස් මිලදී ගන්න පුළුවන් සමාගම් මොනවද කියල දැනගන්නත් එපැයි. ඒ ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මීට කලින් මම දාන්න හිටියේ වෙන පොස්ට් එකක්. නමුත් මගේ අතින් වැරදිලා ඒක ඩිලීට් වෙලා.... :'( ඒක නිසා මම මේක දානවා. දාන්න හිටපු පොස්ට් ඒක අයෙත් ලියලා ඊළඟට දාන්නම්. ඒක පස්සේ දැම්මා කියලා වැඩි වෙනසක් වෙන්නේ නැහැ.

මේ පොස්ට් එකෙන් මම කියල දෙන්න හදන්නේ ඒ සමාගම් මොනවද කියන එකයි. නමුත් හැම සමාගම ගැනම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙද්දී කොටස් වෙළඳපලේ සමාගම් 284ක් (මේ අගය වෙනස් වෙන්න පුළුවන්. මාසෙකට අලුත් සමාගම් 2ක් 3ක් එකතු වෙනවා.) ලැයිස්තු ගත කරලා තියෙනවා. ඒ වගේම ඒ සමාගම් සියල්ලම ඒගොල්ලෝ කරන ව්‍යාපාරය අනුව ව්‍යාපාර වර්ග (Business Sectors :P) 20කට වෙන් කරලා තියෙනවා. මම මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපාර වර්ග ගැන හැඳින්වීමක් දෙන්නත්. ඒ ව්‍යාපාර වර්ග වලට අදාලව තියෙන සමාගම් මොනවද කියන එකත්.


  • බැංකු , මුල්‍ය සහ රක්ෂණ - ව්‍යාපාර ගොඩක්ම ලැයිස්තු ගත කරලා තියෙන්නේ මේ වර්ගයේ තමයි. පෞද්ගලික බැංකු, මුල්‍ය සමාගම්, මුල්‍ය සේවා සපයන සමාගම් වගේම රක්ෂණ සමාගම් මේ කාණ්ඩයේ තියෙනවා. පෞද්ගලික බැංකු වගේම රජයට අයත් බැංකු කිහිපයකුත් ලැයිස්තු ගත කරලා තියෙනවා. සමාගම් ගොඩක් තියෙන නිසා මම ටිකක් විතරක් කියන්නම්. LB Finance, LOLC, Central Finance වැනි මුල්‍ය සමාගම්, හැටන් නැෂනල්, NDB, DFCC, HDFC, සෙලාන්, පෑන් ඒෂියා වැනි බැංකු Ceylinco, Aviva NDB, Asian Alliance, ජනශක්ති වැනි රක්ෂණ සමාගම්       First Capital, Lanka Ventures වැනි මුල්‍යසේවා සමාගම් තමයි තියෙන්නේ.



  • බීම, ආහාර සහ දුම්කොළ - බීම වර්ග , ආහාර වර්ග නිපදවන සමාගම් තමයි මේකේ තියෙන්නේ. දුම්කොළ වලට නම් තියෙන්නේ ලංකා දුම්කොළ සමාගම (CTC) විතරයි. නෙස්ලේ, බයිරහා, Cargills, Keells Food, Distilleries, Lion Brewery, Ceylon Cold Stores, හරිස්චන්ද්‍ර, කොත්මලේ, රයිගම් ලුණු වැනි සමාගම් තමයි තියෙන්නේ.



  • ඉදිකිරීම් සහ ඉංජිනේරු - ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍ර වල ව්‍යාපාර කටයුතු කරන සමාගම් තමා මේ විදියට වෙන් කරලා තියෙන්නේ. මේකේ සමාගම් ගොඩක් නැහැ. සමාගම් 4 ක් තමයි දැනට තියෙන්නේ. ඒවා තමයි Colombo Dockyard, MTD Walkers, Lankem Developments සහ  Access Engineering යන සමාගම්.



  • රසායනික සහ ඖෂධ - රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ නිෂ්පාදනය කරන සහ විකිණීම් කරන සමාගම් මේ යටතේ ඇත. CIC, Haycarb, Lankem Ceylon, Morisons, PC Pharma වැනි සමාගම් කිහිපයක් මේ යටතේ ලැයිස්තු ගත කරලා තියෙනවා.

  • විවිධාංගිකරණ සමාගම් - විවිධ වූ ව්‍යාපාර සිදු කරන සමාගම් මේ යටතේ තියෙනවා. ගොඩක් සමාගම් විශාල සමාගම්. උදාහරණ විදියට Aitken Spence, Hayleys, Carsons, Expolanka, Hemas, Richard Pieris, Jhon Kells වගේ සමාගම් දක්වන්න පුළුවන්.



  • පාවහන් සහ ඇඟලුම් - අපේ රටේ ඇඟලුම් කම්හල් ගොඩක් තියෙනවනේ. නමුත් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරලා තියෙන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක්. මේ යටතේ තියෙන්නේ Ceylon Leather, Hayleys – MGT, Kuruwita Textile, ODEL කියන සමාගම් 4 විතරයි.



  • හෝටල් සහ චාරිකා - මේ යටතේ හෝටල් ගොඩක් ලැයිස්තු ගත කරලා තියෙනවා. Aitken Spence Hotels, Amaya Leisure, Browns Beach, Galadari, Hotel Sigiriya, Hunas Falls, Taj Lanka, Trans Asia, Lighthouse Hotel, Keells Hotels වගේ සමාගම් වගේම තවත් ගොඩක් ඒවා ලැයිස්තු ගත කරලා තියෙනවා.



  • සෞඛ්‍ය ආරක්ෂණ - පෞද්ගලික රෝහල් තමයි මේ යටතේ තියෙන්නේ. දැනට තියෙන්නේ සමාගම් 6ක් වගේ ප්‍රමාණයක් තමයි. ඒවා තමයි Asiri, Asiri Surgical, Durdans, Lanka Hospitals, Nawaloka සහ Asiri Central යන සමාගම්.



  • ආයෝජන අරමුදල් - ආයෝජන ක්ෂේත්‍රයේ නිරත වන සමාගම් මේ යටතේ ලැයිස්තු ගත කර ඇත. Ascot Holdings, Ceylon Guardian, Ceylon Investment, Environment Resources, Colombo Fort Investment, Colombo Investment Trust වැනි සමාගම් කිහිපයක් මේ යටතේ ඇත.



  • තොරතුරු තාක්ෂණ - මේ යටතේ තියෙන්නේ සමාගම් දෙකක් විතරයි. ඒ තමයි PC House, E – Channelling කියන සමාගම් දෙක.



  • ඉඩම් සහ දේපල - ඉඩම් විකිණීම, ඉඩම් සංවර්ධන වගේ ව්‍යාපාර කරන සමාගම් තමා මේ යටතේ තියෙන්නේ. C T Land, Colombo Land, East West, Overseas Realty, Touchwood වැනි සමාගම් උදාහරණ විදියට දක්වන්න පුළුවන්.



  • නිෂ්පාදන - මේ යටතේ නම් ගොඩක් සමාගම් තියෙනවා. විවිධ දේවල් නිෂ්පාදනය කරන සමාගම් තමයි මේ වර්ගයට අයත් වෙන්නේ. ACL Cables, Chevron, Dankotuwa Porcelain, Kelani Cables, Kelani Tyres, Lanka Ceramic, Royal Ceramic, Tokyo Cement වගේ සමාගම් මේ යටතේ තියෙනවා.



  • මෝටර් රථ - වාහන ගෙන්වන සමාගම් තමයි මේ වර්ගයට අයත් වෙන්නේ. Autodrome, Colonial Motors, DIMO, Lanka Ashok Laylend, Sathosa Motors, United Motors යන සමාගම් 6 විතරයි මේ යටතේ තියෙන්නේ.



  • ෆාම් තෙල් - ෆාම් තෙල් ක්ෂේත්‍රය ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති වුනත් සමාගම් 5ක් මේ යටතේ තියෙනවා. මෙයාල මෙහෙ ලැයිස්තු ගත කරලා තිබ්බට ව්‍යාපාර සිදු කරන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වල. Bukit Darah, Good Hope, Indo Malay, Selinsing, Shalimar ඒ සමාගම් 5යි.



  • බලශක්ති - පෞද්ගලික විදුලි බලාගාර සහ බලශක්තිය ආශ්‍රිතව ව්‍යාපාර කරන සමාගම් මේ යටතේ ඇතුලත් කරලා තියෙනවා. දැනට තියෙන්නේ Hemas Power, Hydro Power Free Lanka, Lanka IOC, Panasian Power, Vallibel Power Erathna, Vidullanka, Laugfs Gas, Mackwoods Energy සමාගම් 8 විතරයි.



  • වැවිලි - තේ, පොල්, රබර් වගේ වැවිලි බෝග වග කරන වැවිලි සමාගම් මේකට අයත් වෙනවා. බලන්ගොඩ, වටවල, බොගවන්තලාව, කෑගල්ල, කොටගල වගේ වැවිලි සමාගම් 18ක් පමණ මේ වෙද්දී ලැයිස්තු ගත කරලා තියෙනවා.



  • ගබඩා සහ සැපයුම් - මේ යටතේ තියෙන්නෙත් Colombo Pharmacy, E B Creasy, Gestetner, Hunters සමාගම් 4 විතරයි. මෙයාලා කරන්නේ විවිධ භාණ්ඩ ගෙන්වලා ඒවා ගබඩා කර තබාගෙන ඒවා විකිණීම.



  • සේවා - මේකේ තියෙන්නේ විවිධ සේවා සමාගම්. තේ බ්‍රෝකර්වරු, මුද්‍රණ ආයතන වගේ ඒවා. John Keells, Kalamazoo, Lake House Printers. Merchantile Shipping, Ceylon Tea Brokers සමාගම් 5 විතරයි මේ යටතේ තියෙන්නේ.



  • විදුලි සංදේශ - දුරකථන සමාගම් තමයි මේ යටතේ තියෙන්නේ. නමුත් තියෙන්නේ Dialog, SLT සමාගම් 2 විතරයි.



  • වෙළඳාම් - මුලිකවම  විවිධ වෙළඳාම් කරන සමාගම් තමයි මේ යටතේ තියෙන්නේ. Browns, C.W. Mackie, Eastern Merchant, Radiant Gems, Singer Sri Lanka, Tess Agro, Ceylon & Foreign Trades යන සමාගම් විතරයි මේ වර්ගයට අයත් වෙන්නේ.

06 කොටස් තැරව්කරුවන්ගේ විස්තර (iii)

සමාගම් සහ ශාඛා වලට අමතරව කොටස් වෙළඳපලේ ශාඛා කිහිපයකුත් තියෙනවා.


MATARA BRANCH
38 Station Road, Matara. Tel: 041-2220094, 041-2220095 Fax: 041-4390546

Member Firms

  • Bartleet Religare Securities (Pvt) Ltd Tel: 041-5410005-6, 041-2232985,
  • Asha Phillip Securities Ltd Tel: 041-2223240, 041-2223940,
  • Assetline Securities (Pvt) Ltd Tel: 041-4390766-7,
  • Capital TRUST Securities (Pvt) Ltd Tel: 041-5623200, 041-5623202
  • SC Securities (Pvt) Ltd Tel: 041-2220090, 041-4390545,
  • Capital Alliance Securities (Pvt) Ltd Tel: 041-4390610, 041-2220085



KANDY BRANCH
"Ceybank House”, 88 Dalada Veediya, Kandy. Tel: 081-4474407, 081-4474409 Fax: 081-4474475

Member Firms

  • Bartleet Religare Securities (Pvt) Ltd Tel: 081-5622779, 081-5622781
  • Asha Phillip Securities Ltd Tel: 081-4474118, Fax: 081-2204750
  • Assetline Securities (Pvt) Ltd Tel: 081-4481638/9, 081-4474233, Fax: 081-2202104
  • Capital TRUST Securities (Pvt) Ltd Tel: 081-5626839, 081-5675423
  • SC Securities (Pvt) Ltd Tel: 081-4474299
  • Acuity Stockbrokers (Pvt) Ltd Tel: 081-2205609, 081-2203623, Fax: 081-4470257
  • Lanka Securities (Pvt) Ltd Tel: 081-4939206, Fax: 081-4481772


KURUNEGALA BRANCH

1st Floor, Union Assurance Building, 6 Rajapihilla Road, Kurunegala. Tel: 037-4691802, 037-4691804 Fax: 037-4691803

Member Firms

  • Asha Phillip Securities Ltd Tel: 037-4691844, 037-2234777, Fax: 037-2234777
  • Assetline Securities (Pvt) Ltd Tel: 037-4690384, 037-2222808, Fax: 037-4690095
  • Nation Lanka Equities (Pvt) Ltd Tel: 037-2220297, 037-2234633. Fax: 037-2234634
  • Capital TRUST Securities (Pvt) Ltd Tel: 037-5671403, 037-5677939, Fax: 037-5264264
  • Lanka Securities (Pvt) Ltd Tel: 037-4934067, Fax: 037-4692105
  • Capital Alliance Securities (Pvt) Ltd Tel: 037-2222034-5, Fax: 037-2222034
  • Asia Securities (Pvt) Ltd 037-5642717,037-5628844
  • LOLC Securities (Pvt) Ltd 037-7201221


NEGOMBO BRANCH

First Floor, Jude City Building, 142, Greens Road, Negombo. Tel: 031-2227859, 031-2227861, Fax: 031-2227860

Member Firms

  • Asha Phillip Securities Ltd Tel 031-2227474, Fax: 031-2227474
  • Bartleet Religare Securities (Pvt) Ltd Tel: 031-5677838, 031-2221550
  • Capital Alliance Securities (Pvt) Ltd Tel: 031-2227843-4, Fax: 031-2227844
  • Capital TRUST Securities (Pvt) Ltd Tel: 031-5675291-94, Fax: 031-2227894
  • Lanka Securities (Pvt) Ltd Tel: 031-4929671, Fax: 031-4874736
  • DNH Financial (Pvt) Ltd Tel: 031-5676451,
  • Claridge Stockbrokers (Pvt) Ltd, 031-2236666 , 0773378684
  • First Capital Asset Management, 077-3876819


JAFFNA BRANCH

1st Floor, 398/1, Hospital Road, Jaffna. Tel: 021-2221455, Fax: 021-2221466

Member Firms

  • Bartleet Religare Securities (Pvt) Ltd Tel: 021-2221800
  • Asha Phillip Securities Ltd Tel 021-2221614
  • Lanka Securities (Pvt) Ltd Tel: 021-4590460, 021-4925148, Fax: 021-4590460
  • Capital TRUST Securities (Pvt) Ltd Tel: 021-5677001-2, Fax: 021-2220347
  • SMB Securities (Pvt) Ltd Tel: 071-8736499
  • SKM Lanka Holdings (Pvt) Ltd Tel: 021-2221596



CSE TRADING FLOOR, COLOMBO

Level 4, West Block, World Trade Centre, Colombo 1.

Member Firms

  • Heraymila Securities Ltd
  • Asha Phillip Securities Ltd Tel: 0602133182
  • Asia Securities (Pvt) Ltd Tel: 5735122, 5763539, 0915629998
  • Bartleet Religare Securities (Pvt) Ltd Tel: 5735366
  • Capital Alliance Securities (Pvt) Ltd Tel: 4335237
  • Nation Lanka Equities (Pvt) Ltd Tel: 4342347,
  • Assetline Securities (Pvt) Ltd Tel: 4361258
  • Lanka Securities (Pvt) Ltd Tel: 4323312
  • NDB Stockbrokers (Pvt) Ltd
  • Taprobane Securities (Pvt) Ltd Tel: 5734365
  • First Guardian Equities (Pvt) Ltd


05 කොටස් තැරව්කරුවන්ගේ විස්තර (ii)

TRADING MEMBERS – DEBT & EQUITY


Capital Alliance Securities (Pvt) Ltd.

Level 5, “Millennium House”, 46/58 Navam Mawatha, Colombo 2. Tel: 2317777 Fax: 2317788,
E-mail: general@capitalalliance.lk, Website: www.capitalalliance.lk,

  • Matara Branch Tel: 041-4390610, 041-2220085,
  • Negombo Branch Tel: 031-2227843-4, Fax: 031-2227844,
  • Kurunegala Branch Tel: 037-2222034-5, Fax: 037-2222034,
  • Jaffna Branch : Tel: 0214591111. Fax: 02 14591111
  • Galle Branch : Tel: 0912227631. Fax: 0912227631
  • Kandy Branch : Tel: 0812232677, Fax: 0812232677,
  • Ambalantota Branch Tel/Fax: 047-2223026/7

SMB Securities (Pvt) Ltd.

47, Dharmapala Mawatha, Colombo 3. Tel: 5232091 Fax: 2339292 E-mail: admin@smbsecurities.lk,
Website: www.smblk.com, Jaffna Branch Tel: 071-8736499

First Guardian Equities (Pvt) Ltd.

32nd Floor, East Tower, World Trade Centre, Colombo 1. Tel: 5884400 Fax: 5884401, E-mail: info@firstguardianequities.com , Website: www.firstguardianequities.com

Taprobane Securities (Pvt) Ltd.

2nd Floor, 10, Gothami Road, Colombo 08. Tel: 5328200 Fax: 5328277, E-mail: info@taprobane.lk, dinal@taprobane.lk, Web site: www.taprobanestocks.com


Heraymila Securities Ltd.

Level 8, South Wing, Millennium House, 46/58, Navam Mawatha, Colombo 2. Tel: 2359100, Fax: 2305522 E-mail: info-hsl@heraymila.com Website: www.heraymila.com

SKM Lanka Holdings (Pvt) Ltd.

No.35/1, Alwis Place, Colombo 3. Tel: 2344444, Fax: 2434198, Jaffna Branch Tel: 021-2221596 E-mail: info@skmlankaholdings.com, Website: www.skmlankaholdings.com

IIFL Securities Ceylon (Pvt) Ltd.

27th Floor, East Tower, World Trade Centre, Colombo 1. Tel: 2333000 Fax: 2333383 Email: info.ceylon@iiflcap.com , Web : www.iiflcap.com , Ja Ela Branch Tel 0113037210

TKS Securities (Pvt) Ltd

19-01, East Tower, World Trade Centre, Colombo 1. Tel: 7857799, Fax: 7857857, Email: ralph@tks.lk, Website: www.tks.lk

  • Ratnapura Branch Tel: (045 7200005-6),
  • Karapitiya Branch Tel: 0917857799,
  • City Branch. Tel : 0117957799.
  • Gampaha Branch Tel: 033-7857799,
  • Kandy Branch Tel : 081-7857799,
  • Embilipitiya Branch Tel: 047-7857799,
  • Kaduruwela Branch Tel: 027-7857799.
  • Ja-Ela Branch Tel: 7957700.
Richard Pieris Securities (Pvt) Ltd - Richard Pieris PLC සමාගමට අයත් සමාගමකි.

69, Hyde Park Corner, Colombo 2. Tel: 7448900, Fax: 2675064 Email: communication@rpsecurities.com
  • Wattala Branch Tel.0773413261 /0773412498
  • Kandy Branch Tel: 081-7394250, 081-7394251, 081-7394252, Fax : 081-7394253

Claridge Stockbrokers (Pvt) Ltd

10, Gnanartha Pradeepa Mawatha, Colombo 8. Tel: 2697974, Fax: 2677576, Email: fonseka@mackwoods.com Negombo Branch Tel. 0312236666, 0773378684.

New World Securities (Pvt) Ltd

2nd Floor, 45/2, Braybrooke Street, Colombo 2. Tel: 2358700/20 Fax: 2358701 Email: info@nws.lk, Website: www.nws.lk , Anuradhapura Branch Tel : 025-2225215, Fax: 025-2225217.

Arrenga Capital (Pvt) Ltd

Level 23, East Tower, World Trade Centre, Colombo 01. Tel: 7277000 to 98 Fax: 7277099
Email: dihand@arrengacapital.com Website: www.arrengacapital.com Horana Branch Tel: 0347451000, 0772985271

LOLC Securities Ltd - Lanka Orix Leasing PLC සමාගමට අයත් සමාගමකි.

Level 18 West Tower, World Trade Center, Echelon Square, Colombo 01. Tel: 7880880 Fax : 2434771 , 2434229
  • Kurunegala Branch Tel. 0377201221 Fax : 0372225511
  • Galle Branch: Tel : 091-7200852/ 0773-409243

04 කොටස් තැරව්කරුවන්ගේ විස්තර (i)

 මේ වෙද්දී බලපත්‍ර ලාභී තැරව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ වගේම එයාලගේ ශාඛා රටේ ප්‍රධාන නගර වල තියෙනවා. පහසුව සඳහා මම විස්තර ඉංග්‍රීසියෙන් දාන්නම්. ඔයාලට CDS Account එකක් හදාගන්න ඕනේ නම් ලඟම තියෙන Branch එකට Call 1ක් දීලා විස්තර අහගන්න.

MEMBERS – DEBT & EQUITY 


Bartleet Religare Securities (Pvt) Ltd. - බාර්ට්ලීට් සමාගම් සමුහයට අයත් සමාගමකි.

Level “G”, “Bartleet House” 65, Braybrooke Place, Colombo 2.Tel.5220200, Fax: 2434985, E-mail: info@bartleetstock.com.


  • Kandy Branch Tel: 081-5622779, 081-5622781,
  • Matara Branch Tel: 041-5410005-6, 041-2232985,
  • Jaffna Branch Tel: 021-2221800,
  • Negombo Branch Tel: 031-5677838, 031-2221550,
  • Polonnaruwa Branch Tel : 027-22222548, 027-5678995,
  • Galle Branch Tel : 091-5633512,
  • Vavuniya Branch Tel : 024-5679544,
  • Batticaloa Branch Tel: 065-5679525,
  • Embilipitiya Branch Tel: 047-2261737/047-5679787,
  • Bandarawela Branch Tel : 057-5675083, 057-2225537,
  • Dehiwela Branch Tel:5238064,
  • Kiribathgoda Branch Tel: 5238065 / 2916711,
  • Polonnaruwa Tel : 027-5678995,
  • Panadura Tel: 038-2239610/038-5678617
Acuity Stockbrokers (Pvt) Ltd. - DFCC සහ Hatton National බැංකු අයත් සමාගමකි.

Level 6, Acuity House, 53, Dharmapala Mawatha, Colombo 3. Tel.2206206 Fax: 2206298/9
E-mail: sales@acuitystockbrokers.com, website : www.acuity.lk
  • Kandy Branch Tel: 081-2205609, 081-2203623, Fax: 081-4470257

John Keells Stockbrokers (Pvt) Ltd. - John Keells සමාගම් සමුහයට අයත් සමාගමකි.

130, Glennie Street, Colombo 2. Tel. 2306250, 2342066-7, 2446694-5, 2338066-7, 2439047-8, 4710721-4 Fax: 2342068, 2326863 E-mail: jkstock@keells.com, website: www.jksb.keells.lk 

Asha Phillip Securities Ltd.

10, Prince Alfred Towers, 2nd Floor, Alfred House Gardens, Colombo 03. Tel: 94 11 2429100, Fax : 94112429199, E-mail: apsl@ashaphillip.net, Website: www.ashaphillip.net,

  • Matara Branch Tel: 041-2223240, 041-2223940,
  • Kandy Branch Tel: 081-4474118, 081-2204750,
  • Kurunegala Branch Tel: 037-4691844, Fax: 037-2234777,
  • Negombo Branch Tel: 031-2227474, Fax: 031-2227474,
  • Jaffna Branch Tel: 021-2221614,
  • Panadura Branch Tel : 038-2234780 Fax – 038-2234780,
  • Ambalanthota Branch Tel: 047-225170, Fax : 047-2225170,
  • Wattala Branch Tel: 2930099, Fax: 0112930099,
  • Galle Branch : Tel: 091-2233558, Fax: 091-2233558.
  • Kiribathgoda Branch : Tel: 2908511, Fax: 2908511.
  • Anuradhapura Branch : Tel: 025-2234705, Fax: 025-2234705.
  • Embilipitiya Branch : Tel: 047-2261950, Fax: 047-2261950.
  • Gampaha Branch : Tel: 033-2234888, Fax: 033-2234888.
  • Badulla Branch : Tel: 055-2222009, Fax: 055-2222009.
  • Kollupitiya Branch : Tel: 3009826, Fax: 2576438.
  • Vavuniya Branch : Tel: 024-2226031, Fax: 024-2226031.
  • Batticaloa Branch : Tel: 065-2228029, Fax: 065-2228029.
  • Wellawatte Branch : Tel: 2362939, Fax:2362939
Assetline Securities (Pvt) Ltd. - David Peris සමාගම් සමුහයට අයත් සමාගමකි.

282, Kaduwela Road, Battaramulla. Tel. 4700111, 2307366 Fax: 4700112, 2307365 website: www.dpgsonline.com E-mail: dpgs1@sltnet.lk
  • Matara Branch Tel: 041-4390766-7
  • Kandy Branch Tel: 081-4481638/9, 081-4474233, Fax: 081-2202104,
  • Kurunegala Branch Tel: 037-4690384, 037-2222808, Fax: 037-4690095,
  • Negombo Branch Tel:031-4926009,
  • Galle Branch Tel:091-2226971
Somerville Stockbrokers (Pvt) Ltd.

137, Vauxhall Street, Colombo 2. Tel. 2329201-5, 2332827, 2338292-3 Fax: 2338291, E-Mail: ssb-web@sltnet.lk

J B Securities (Pvt) Ltd. - Jafferjee Brothers සමාගම් සමුහයට අයත් සමාගමකි.

150, St. Joseph Street, Colombo 14. Tel. 2490900, 077-2490900, 077-2490901 Fax: 2430070, 2446085, 2447875 E-mail: jbs@jb.lk, Website : www.jbs.lk.

Lanka Securities (Pvt) Ltd. - ලංකා බැංකුවට අයත් සමාගමකි.

228/2, Galle Road, Colombo 4. Tel. 4706757, 2554942 Fax: 4706767 E-mail: lankasec@sltnet.lk website: www.lsl.lk

  • Kandy Branch Tel: 081-4939206, Fax: 081-4481772,
  • Kurunegala Branch Tel: 037-4934067, Fax: 037-4692105,
  • Negombo Branch Tel: 031-4929671, Fax: 031-4874736,
  • Jaffna Branch Tel: 021-4590460, 021-4925148, Fax: 021-4590460,
  • Galle Branch Tel : 091-4937124 Fax:091-4384279,
  • Matara Branch Tel : 041-4928493, 041-4390841,
  • Avissawella Branch Tel : 045-4926940, 045-4360726

Asia Securities (Pvt) Ltd. - Asia Capital PLC සමාගමට අයත් සමාගමකි.

Level 21, West Tower, World Trade Centre, Echelon Square, Colombo 1. Tel. 2423905, 5320000 Fax: 2336018 E-mail: enquiry@asiacapital.lk, Website: www.asiacapital.lk

  • Kurunegala Branch Tel. 0375642717, 0375628844,0375643580,
  • Kiribathgoda Branch : Tel: 5634803, 5734773.
  • Galle Branch : Tel: 091-5629998, 091-5676767.
  • Hambanthota Branch : Tel: 047-5679241, 047-5679240.
  • Ampara Branch :Tel: 063-5679070, 063-5679071.
  • Panadura Branch : Tel : 038-5670400, 038-5670407.
  • Wennappuwa Branch : Tel: 032-5673881-2.
  • Moratuwa Branch : Tel: 5238662, 5238663.

Nation Lanka Equities (Pvt) Ltd. - Nation Lanka Finance PLC සමාගමට අයත් සමාගමකි.

44, Guildford Crescent, Colombo 07. Tel. 4-714300, 4-714388, 4-714389, 077-3421821 Fax: 2387228 E-mail: infor@nlequities.com, web site: nlequities.com

  • Kurunegala Branch, Tel: 037-2220297, 037-2234633, Fax: 037-2234634,
  • Kandy Branch, Tel: 081-2220855,
  • Panadura Branch Tel: 038-2230305.
  • Dambulla Branch, Tel: 066-4933777.
  • Negombo Branch, Tel: 031-3729540.
  • Kegalle Branch, Tel: 035-4924897. Matara Branch, Tel: 041-4920800,
  • Jaffna Service Centre : Tel: 021-4920313
  • Anuradhapura Branch Tel: 025-2237239
Capital TRUST Securities (Pvt) Ltd.

42, Sir Mohamed Macan Markar Mawatha, Colombo 3. Tel: 5-335225, Fax: 5-365725 E-mail: inquiries@capitaltrust.lk, website: www.capitaltrust.lk.

  • Kandy Branch Tel: 081-5626839, Fax: 081-5675423,
  • Kurunegala Branch Tel: 037-5671403, 037-5677939, Fax: 037-5264264,
  • Matara Branch Tel: 041-5623200, 041-5623202,
  • Negombo Branch Tel: 031-5675291-4, Fax: 031-2227894,
  • Jaffna Branch Tel: 021-5677001-2, Fax: 021-2220347,
  • Kalutara Branch Tel: 034 5626100-101
  • Kiribathgoda Branch Tel: 5238451-454,
  • Moratuwa Branch Tel: 5288655-658

S C Securities (Pvt) Ltd. - සම්පත් බැංකුවට අයත් සමාගමකි.

2nd Floor, 55 D.R. Wijewardena Mawatha, Colombo 10. Tel. 4711000, Fax: 2394405 E-mail: cscres@sltnet.lk, Website: www.sampathsecurities.lk,

  • Matara Branch Tel: 041-2220090, 041-4390545,
  • Kandy Branch Tel: 081-4474299,
  • Wellawatta Branch Tel: 4896894,4896895.
CT Smith Stockbrokers (Pvt) Ltd. - CT Holdings PLC සමාගමට අයත් සමාගමකි.

4-14, Majestic City, 10, Station Road, Colombo 4. Tel. 2552290 -4 Fax: 2552289 E-mail: ctssales@sltnet.lk, Website: www.ctsmith.lk

D N H Financial (Pvt) Ltd.

Level 16, West Tower, World Trade Centre, Colombo 1. Tel. 5700777 Fax: 5736264, E-mail: info@dnhfinancial.com, Website: www.dnhfinancial.com

  • Negombo Branch Tel: 031-5676451,
  • Jaffna Service Centre Tel : 021-2224929
  • Gampaha Service Centre Tel: 033-2222771

N D B Stockbrokers (Pvt) Ltd. - NDB බැංකුවට අයත් සමාගමකි.

5th Floor, NDB Building, 40, Navam Mawatha, Colombo 2. Tel. 2314170-8 Fax: 2314180, E-mail: mail@ndbs.lk. Website: www.ndbs.lk


Sunday, August 28, 2016

03 කොටස් මිලදී ගැනීම

කොටස් මිලදී ගත හැකි ක්‍රම  මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.

  1. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) 
  2. තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)
  3. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering)




සමාගමක කොටස් නිකුතුවක් ප්‍රාථමික කොටස් නිකුතුවක් ලෙස හැඳින්වේ. සමාගම කොටස් නිකුත් කරන විට අපිට කොටස් මිලදී ගත හැකිය. මෙහිදී සමාගම සාංගමික සංස්ථා ප්‍රකාශය (Prospectus), ව්‍යවස්ථාව (Articles) සහ එහි අනාගත අරමුණු ඉදිරිපත් කරයි . ඒවා හොඳින් කියවා අවබෝධ කරගෙන. හොඳ සමාගමක ආයෝජනය කල යුතුය. යම් සමාගමක් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට ප්‍රාථමික කොටස් නිකුතුවක් කරන්නේ නම් එයට අයදුම් කිරීමට ඔබට CDS ගිණුමක් තිබිය යුතුය.



  • තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)



ද්වියිතික වෙලඳපල යනු කොටස් වෙළඳපලයි. මෙහිදී ඔබට තැරව්කරුවෙක් හරහා කොටස් මිලදී ගැනීම/ විකිණීම සිදු කල හැකිය.

කොටස්  මිලදී ගැනීමට සහ විකිනීමට තැරව්කරුට උපදෙස් දිය හැකි ක්‍රම කිහිපයක් තියෙනවා.

  1. දුරකතනයෙන් දැනුම් දීමෙන්
  2. ෆැක්ස් මඟින්
  3. ඔහුව මුණගැසීමෙන්
  4. අන්තර්ජාලය හරහා

මෙහෙම උපදෙස් දෙද්දී හරියට උපදෙස් දෙන්න ඕන. පහත දේවල් හරියටම කියන්න වෙනවා.

  1. සමාගමේ නම
  2. කොටස් ප්‍රමාණය
  3. කොටසක වටිනාකම

මුදල් ගෙවීම


  1. අප විසින් මිලදී ගන්නා කොටස් සඳහා මිලදී ගත් දින සිට දින 3ක් (T+3) ඇතුලත ගෙවිය යුතුය.
  2. අප විකුණන කොටස් සඳහා අදාල ගෙවීම් විකුණු දින සිට දින 3කින් (T+3) ලැබේ.

එසේම අපි සිදු කරන හැම ගනුදෙනුවකටම යම් මුදලක් ගෙවන්න වෙනවා (Transaction Cost). ඒ කියන්නේ අපි කරන ගනුදෙනුවෙන් සියයට ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒක පහත විදියට තමයි සිදු වෙන්නේ.

රු. මිලියන 50ක් දක්වා ගනුදෙනු සඳහා




රු. මිලියන 50ට වැඩි ගනුදෙනු සඳහා





මෙම ගෙවීම් යම් යම් කාල වලදී වෙනස් වෙනවා. දැන් තියෙන්නේ මේ ගණන් වලින් තමයි. අපි කරන ගනුදෙනු වල මුළු ගණනින් ප්‍රතිශතයක් විදියට තමයි මේක අය වෙන්නේ.


උදා:
රු100 බැගින් කොටස් 100ක් ගත්තොත්,

100 * රු 100 = රු 10000.00
රු10000 * 1.12/100 = රු112.00
මුළු වියදම = රු 10112.00

රු100 බැගින් කොටස් 100ක් වික්කොත්,

100 * රු 100 = රු 10000.00
රු10000 * 1.12/100 = රු112.00
මුළු අදායම = රු 9888.00


02 කොටස් වර්ග හා ආයෝජනයේ ප්‍රතිලාභ

කොටසක් යනු කුමක්ද?
කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි.

කොටස් වර්ග


සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordinary Shares (N)

සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබේ.
සමාගම ලාභාංශ ගෙවන විට එය ලැබීම.
සමාගමක් ඈවර (වසා දමන විට) කරන විට, සියලුම ණයහිමියන්, ණයගැතියන් හා තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් වලින් පසුව කොටස්කරුවන්ට ගෙවීම් කරනු ලැබේ.

නිෂ්ඡන්ද කොටස් - Non-Voting Ordinary Shares (X)

සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හැර සාමාන්‍ය කොටස් වල අයිතීන් සියල්ල ලැබෙයි.

වරණිය කොටස් - Preference Shares (P)

කලින් ගිවිසගත් ලාභාංශ අනුපාතයක් ඇත.
සාමාන්‍ය කොටස්කරුවන්ට පෙර ලාභාංශ ලැබේ.
ඈවර කිරීමකදී සාමාන්‍ය කොටස්කරුවන්ට වඩා ප්‍රමුඛතාවය ලැබේ.

බලපත්‍ර - Warrants (W)

සමාගමේ සාමාන්‍ය කොටස් යම්කිසි ගිවිසගත් මුදලකට අනාගතේදි මිලදී ගත හැකිය.

කොටස් වෙළඳපලේ ආයෝජනය අවදානම් සහගතවේ. ලාභ මෙන්ම පාඩුද සිදු විය හැකිය. එම අවදානම අඩු කරගැනීමට පහත දේ සිදු කල හැකිය.

01 කොටස් මෙන්ම බැඳුම්කරද (Debentures) මිලදී ගැනීම.

02 ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කිරීම. එවිට එක ක්ෂේත්‍රයක් හොඳින් ක්‍රියානොකරන විට එයි පාඩු සිදු වුනොත් වෙනත් හොඳ ක්ෂේත්‍රයකින් පාඩුව වලක්වා ගත හැකිය.

03 එකම ක්ෂේත්‍රයේ වුවත් සමාගම් කිහිපයක ආයෝජනය කිරීම. එවිට එක සමාගමක් හොඳින් නැති විට වෙනත් සමාගමකින් පාඩුව වලක්වා ගත හැකිය.


ආයෝජනයේ ප්‍රතිලාභ


01 ප්‍රාග්ධන ලාභ (Capital Gains) - ඔබ යම් කොටසක් මිලදී ගෙන එය නැවත වැඩි මිලකට විකුණු විට එය ප්‍රාග්ධන ලාභයකි. මෙහිදී පාඩුද සිදුවිය හැකිය. (කොටස් මිල පහල ගිය විටදී විකුණුවහොත්). ප්‍රාග්ධන ලාභයන් අදායම් බද්දෙන් නිදහස් වේ.

02 ලාභාංශ (Dividends) - යම් සමාගමක් එය ලද ලාභය අනුව ලාභාංශ ගෙවීම සිදු කරයි. නමුත් එය අනිවාර්ය නොවේ.

03 හිමිකම් නිකුතු (Rights Issues) - සමාගමක කොටස්කරුවන්ට පවතින මිලට වඩා අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගැනීමට ලැබෙන අවස්ථාවකි. සමාගමට ප්‍රාග්ධනය රැස් කිරීමට හිමිකම් නිකුතු සිදු කෙරේ. පවතින කොටස් වල අනුපාතයකට අනුව මෙය නිකුත් කරයි.

04 ද්‍රවශීලතාව (Liquidity) - කොටස් වෙළඳපලේ පවතින කොටස් ද්‍රවශීලතාවෙන් යුක්තය. එනම් ඔබට අවශ්‍ය විටක පහසුවෙන්ම ඒවා මුදල් බවට පත්කර ගත හැකිය.
මෙම කොටසින් කොටස් වර්ග, ආයෝජනයේදී ඇති අවධානම අවම කරගන්න හැටි සහ ආයෝජනයේ ප්‍රතිලාභ ගැන දැනුමක් ලැබුන කියල මම හිතනවා. ඊළඟ පොස්ට් එකෙන් කොටස් මිලදී ගන්න හැටි කියල දෙන්නම්.















01-හැඳින්වීම Stock Market


ගොඩක් අයගේ ඉල්ලීම මතත් ගොඩක් අය නොදන්නා දෙයක් නිසාත් මම තවත් අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අපේ ගොඩක් අය ට්‍රයි කරනවනේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ගුගල් ඇඩ් සෙන්ස් , ඔඩෙස්ක් , ෆ්‍රී ලාන්ස් , ෆොරෙක්ස් ට්‍රේඩින් වගේ. ඒ විතරක් නෙමෙයි විවිධ වෙබ් සයිට් වල ඇඩ්ස් ක්ලික් කරලත් සල්ලි හොයන්න හදනවනේ. ඒත් සාර්ථක වෙන්නේ කිහිප දෙනෙක් තමයි. ඇඩ් ක්ලික් කරන එක නම් ගොඩක් වෙලාවට බොරු වැඩක්.

මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හරියටම සල්ලි හොයාගන්න පුළුවන් විදියක් ගැන. ඒ තමයි කොටස් වෙළඳපල ආයෝජනය කිරීම ගැන. හැබැයි මේකෙදි ලාබ වගේම පාඩුත් සිද්ද වෙනවා. ඒක නිසා පරිස්සමෙන් හරියට දැනුවත් වෙලා තමයි කරන්න ඕන. මේ දවස් වල නම් ලංකාවේ කොටස් වෙළඳපල ටිකක් වැටිලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොටස් වල මිල අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳ කොටස් අඩු මිලකට ගන්න පුළුවන්. දිගු කාලීනව ආයෝජනය කරන අයට නම් මේ කාලේ කොටස් ගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම අපිත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ. දවසක අපිටත් අයෝජයනය කරලා හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම් මම කොටස් වෙළඳපල ගැන ටිකක් කියල දෙන්නම්කො.
කොටස් වෙළඳපොල කියන්නේ සමාගම් වල කොටස් මිලදී ගන්න සහ විකුනන්න පුළුවන් තැනක. ලංකාවේ තියෙන්නේ කොළඹ කොටස් වෙළඳපල විතරයි. මේ වෙද්දී කොළඹ කොටස් වෙළඳපලේ 280ක පමණ ලැයිස්තු ගත කරලා තියෙනවා. අපි මේ සමාගම් වලට කියනවා මිල කල සමාගම් කියල. මිල කල සමාගම් වලට උදාහරණ විදියට ඩයලොග්, ජෝන් කීල්ස්, කාර්ගිල්ස්, SLT,සොෆ්ට්ලොජික්, PC හවුස් , සිලෝන් ටොබැකො, හේමාස් , ලාස්ෆ් ගෑස් වගේ සමාගම් දක්වන්න පුළුවන්. ඒ වගේම බැංකු, මුල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, හෝටල් , පුද්ගලික රෝහල් ගොඩක් ලැයිස්තු ගත කරලා තියෙනවා

කොළඹ කොටස් වෙළඳපල නියාමනය කරන්නේ එහෙමත් නැත්තම් පාලනය කරන්නේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මඟින්. ඒ වගේම අපිට කොටස් වෙළඳපලට සම්බන්ධ වෙන්න නම් මධ්‍යම තැන්පතු ක්‍රමයේ (CDS - Central Depository System) ගිණුමක් අවශ්‍ය වෙනවා. අපිට මේ ගිණුමක් ආරම්භ කරන්න වෙන්නේ ලියාපදිංචි කොටස් තැරැව්කරුවෙක් හරහායි. ඒක අපිට නොමිලේම කරගන්න පුළුවන්. මේ වෙද්දී ලියාපදිංචි කොටස් තැරැව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ අයගෙන් කැමති කෙනෙක් ගාව අපිට CDS ගිණුම ආරම්භ කරන්න පුළුවන්.

CDS ගිණුම ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතකුයි, පදිංචිය තහවුරු කරන්න මොකක් හරි බිල් එකකුයි විතරයි (ජල,විදුලි හෝ දුරකථන බිල් එකක් හෝ බැංකු පොතක්). මේවා එක්ක එයාලා අපිට දෙන අයදුම්පත පුරවල දුන්නහම දවස් 2කින් විතර අපේ CDS ගිණුම විවෘත කරනවා. අපිට ගෙදරටත් ඒ විස්තර දාලා ලිපියක් එනවා. එතැනදී ඔබට ගිණුම් අංකයකුත් ලැබෙනවා. ඒක XXX-#########-VN-00 වගේ එකක් (උදා:- MSB-561634579-VN-00). XXX එකෙන් අදාල බ්‍රෝකර්ගේ බ්‍රෝකර් කෝඩ් එක දැක්වෙනවා. ######### මගින් දැක්වෙන්නේ ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකයයි. අපි කොටස් ගද්දී ඒවා තැන්පත් වෙන්නේ මේ ගිණුමෙයි.

ගිණුම විවෘත වුනාට පස්සේ අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් එකට අපිට මුදල් අවශ්‍ය වෙනවා. CDS ගිණුමක තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ කොටස් විතරයි. ඒක නිසා අපිට අවශ්‍ය කොටස් ගන්න අපි මුදල් තැන්පත් කරන්න ඕන කොටස් තැරැව්කාර සමාගමේ ගිනුමටයි. CDS ගිණුම ආරම්භ කලහම එයාල අපිට එයාලගේ බැංකු ගිණුම් වල විස්තර දෙනවා. එයාලගේ ගිණුමට මුදල් දාලා එයාලට දැන්නුවම අපිට ඒ ගණනට අදාලව කොටස් ගන්න පුළුවන්. බය වෙන්න එපා මෙහෙම මුදල් තැන්පත් කරද්දී කිසිම අක්‍රමිකතාවක් වෙන්නේ නැහැ.

දැන් මෙහෙම මුදල් තැන්පත් කලාට පස්සේ අපිට කොටස් ගන්න පුළුවන් වෙනවා. ඒත් හදිස්සි වෙලා නිකන් මුදල් නාස්ති කරගන්න එපා. ඊළඟ පොස්ට් එකෙන් මම තවත් මේකේ තියෙන දේවල් ටිකක් කියල දෙන්නම්. ඒ කියන්නේ කොටස් මිලදී ගන්න ආකාරය, කොටස් වර්ග, කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරලා තියෙන පුවරු වගේ දේවල්. එතකන් CDS ගිණුම ආරම්භ කරලා තියාගන්නකෝ