කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර
- දායකත්වයට ඉදිරිපත් කිරීම (Offer For Subscription) - මේකෙදි අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. ප්‍රාථමික කොටස් නිකුතුවක් කියන්නෙත් මේකටමයි.
- විකිනීමට ඉදිරිපත් කිරීම (Offer For Sale) - මෙතැනදී අලුත් කොටස් නිකුත් කරන්නේ නැහැ. දැනට ඉන්න කොටස්කරුවන්ගේ කොටස් අලුත් අයට විකිණීමයි මේකෙදි කරන්නේ.
- හඳුන්වාදීම (Introduction) - මෙතැනදී කිසිම කොටස් නිකුත් කිරීමක් හෝ විකිණීමක් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරනවා. එතකොට අපිට කොටස් වෙලඳපලෙන්ම කොටස් ගන්න පුළුවන්.
දැන් මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැන. ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව කියලා පුවරු දෙකක් අපේ කොටස් වෙළඳපලේ භාවිතා කරනවා. ඒවා පාවිච්චි කරන්නේ කොටස් වෙන්කරලා හඳුනා ගන්න
ප්‍රධාන පුවරුව - ප්‍රධාන පුවරුවේ තියෙන්නේ ලොකු සමාගම් තමයි
- ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 500ට (රු.500, 000,000/-) වඩා වැඩි විය යුතුය.
- අඛණ්ඩව වසර 3ක් ලාභ ලබා තිබිය යුතුය.
- පසුගිය වසර දෙකෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
- මහජන කොටස් හිමිකාරිත්වය 25%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 1000ක් අවමව සිටිය යුතුය.
දිරි සවි පුවරුව - මේකේ තියෙන්නේ ටිකක් පොඩි වගේම අලුත් සමාගම්.
- ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 100ට (රු.100, 000,000/-) වඩා වැඩි විය යුතුය.
- පසුගිය වසරෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
- මහජන කොටස් හිමිකාරිත්වය 10%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 100ක් අවමව සිටිය යුතුය.
- සමාගම ආරම්භ කර වසරක්වත් ගතවී තිබිය යුතුය.
කොටස් වගේම අපේ කොටස් වෙළඳපලේ බැඳුම්කර සහ අරමුදල් වල ආයෝජනය කරන්න පුලුවන්. බැඳුම්කර ගැන මම මෙතැනදී කියන්න යන්නේ නැහැ. අරමුදල් ගැන කියන්නම්.
අරමුදල් වලින් කරන්නේ අපෙන් සල්ලි අරගෙන ඒ අය හොඳ කොටස් වල ආයෝජනය කරලා අපිට ප්‍රතිලාභ දෙන එකයි. Unit Trust කියලා ඔයාලා අහලත් ඇති. ඒවගේ අවධානම අඩුයි. ඒ වගේම අදයමත් ටිකක් අඩුයි. ලැයිස්තු ගත කරපු අරමුදල් තියෙන්නේ එකක් විතරයි. ඒ නාමල් ඇකුවිටි වැලිව් ෆන්ඩ් (Namal Acuity Value Fund) කියන එකයි. නමුත් කොටස් වෙළඳපලෙන් නැතුව වෙනමත් Unit Trust ගන්න පුලුව. ඒවා නම් ගොඩක් තියෙනවා. මම ඒවා ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්. අරමුදල් ලැයිස්තු ගත කරන්න පහත දේවල් සපුරන්න ඕන.
- යම් කාලසීමාවකදී අවසන් විය යුතු අතර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ බලපත්‍රලාභී කළමනාකරණ සමාගමක් මඟින් කළමනාකරය කල යුතුය.
- සම්පුර්ණයෙන් ගෙවූ, උකස් වලින් නිදහස් සහ නිදහසේ පැවරිය හැකි විය යුතුය.
- අරමුදලේ අවමය රු මිලියන 25 (රු 25,000,000) වේ.
- ලියාපදිංචි කිරීම සඳහා ලේකම් වරයෙක් සිටිය යුතුය.
- ලැයිස්තු ගත නීති අනුව භාරකාර ඔප්පුවක් තිබිය යුතුය.
No comments:
Post a Comment